Tuesday, May 18, 2010

බාල්දියේ හිලක්... මගෙ ලැයිසෝ.......

මෙකනම් මට කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදුවක්.. "හෝල් ඉන් ද බකට්" තමයි ගීතයේ නම. ළමා ගීතයක්, ඉතාමත්ම සරළ සංගීතයක් යොදාගෙන ගායනා කරන්නේ.

1961 පටිගත කල මේ ගීතය ගායනා කරන්නෙ, කඩවසම් හැරී බෙල්ෆොන්ටේ සමග ඔඩෙටා හෝම්ස්. ඇමරිකාවේ ඉතාමත්ම ප්‍රසිද්ධ චරිතයක් වන බිල් ෆොන්ටේ වඩාත් ජනාද්‍රයට පත්වුනේ කෙහෙල් ගෙඩි බෝට්ටුවේ (Banana Boat Song) ගීතයෙන්. මේකත් හරිම ලස්සන ගීතයක්. 

ඇමරිකානු ජන සංගීත ගායනා තුලින් කරළියට පැමිණි ඔඩෙටා, බිල්ෆොන්ටේ මෙන්ම මිනිස් අයිතිවාසිකම් සඳහා ක්‍රියාකාරීව සහභාගීවූ තැනැත්තියක්. ජෑස්, බ්ලූස් හා ආගමික ගී රාශියක් ගායනා කළ ඈ 2008 දී මෙලොවින් සමුගත්තා.........

5 comments:

  1. අයියේ ඔය සිංදුවේ mp3 එක තියනම් අපට දෙනවද
    අපි www sriwow info

    ReplyDelete
  2. මගේ ගාව තියෙනව, මේල් ඇඩ්‍රස් එක එවන්න..

    ReplyDelete
  3. Banana boat song ඇතුළු belafonteගෙ සින්දු ගණනාවක් මම අහල තියෙනව, ඒත් මේක ඇහුවෙ අද. අමුතු ලස්සනක් තියෙන සින්දුවක්

    ReplyDelete
  4. මාතලං ගොයියාත් අත නොදාන තැනක් නෑ නෙව... නියමයි..

    ReplyDelete
  5. මේකේ සිංහල සින්දුවක් ගියා සිරස FM එකේ.. මීට අවුරුදු ගාණකට කළින්... ඒක අන්තර්ජාලයේ හොයාගන්න බෑ.. තියෙන කෙනෙක් ඉන්නවානම් එවන්න පුළුවන්ද? sankaudaya20@gmail.com
    "මේ බාල්දියේ හිලක් රත්නසිරි රත්නසිරි...
    " හිල වහන්න ගුණසිරි... ගුණ සිරි...
    " මොකෙන්ද හිල වහන්නේ රත්නසිරි...රත්නසිරි...
    " කෝටුවක් හිලට ගහන්න....
    මට මතක විදියට ඔහොම තමයි තිබ්බේ...

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails