Thursday, May 13, 2010

එක රැයින් මුලු ලොව ජනප්‍රිය වූ ගායිකාව....

සූසන් බොයිල්.... ලොව පුරා ජනප්‍රිය වෙන්න ගීයේ එක රාත්‍රියයි. ඒ බ්‍රිටන් ගොට් ටැලන්ට් නැමැති රියැලටි වැඩ සටහන හරහායි. එම වැඩසටහනේදී සයිමන් කවෙල් "ඔබ ගායනා කරන්නේ කාගේ ගීතයක්දැයි විමසන ලද කල" ඇය පැවසූවේ "ලෙස් මිසරබල්ස් ගේ අයි ඩ්‍රීම් අ ඩ්‍රීම් නම් ගීතය බවයි" එවිට මුලූ ශාලාවම ඇයව සමච්චලයට ලක්කලහ. එහෙත් ඇය එම ගීතය ගායනා කිරීම ආරම්බ කිරීමත් සමඟම මුලු ශාලාවම නැගී සිට අත් පොලසන් දෙන්නට විය. එය ආශ්චර්යකි..

ඇයට එම තරඟයේදී හිමි වූයේ දෙවන ස්ථානය වූවද, මුලු ලොව පුරා ඇය ජනාදරයට පත්වීය. ඇයගෙ මුල්ම සංගීත ඇල්බමය වූ වයිල්ඩ් හොසස්, වාර්තා පිට වාර්තා පිහිටවීය.

මෙහි මුල් වීඩියෝවේ, ඇය තරඟයට සහභාගී වූ මුල් අවස්ථාවද, දෙවන වීඩියෝවෙහි ඇමරිකාවේ රියැලටි වැඩ සටහනක් සඳහා ඇයගේම වයිල්ඩ් හෝසස් ගීහයද ගායනා කරනු දැක ගත හැක.

මෙහි මුල් ගීතය ගායනා කරණ සෑම අවස්ථාවකදීම මගේ ඇඟේ හිරිගඬු පිපින්නේ මන්දැයි මට නොතේරේ.......


3 comments:

  1. ඔව් කට්ටියට හිතාගන්න බැරිවුනා නේද ?

    ReplyDelete
  2. @ හෙලයා

    අපරාදේ කියන්න බෑ අපේ කෙල්ලො දෙන්නත් මැක්සා.....

    ReplyDelete
  3. හප්පේ කියල වැඩක් නෑනේ... හරිගඩු පිපෙනව ඕයි!

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails