Wednesday, May 19, 2010

මේ කෙල්ල දැක්කම... මට හිතෙන්නේ.............

 1994 තිරගත වූ 1942 අ ලව් ස්ටෝරී චිත්‍රපටය මනීෂා කොයිරාල ගේ සිනමා ජීවීතය වෙනස් කළ චිත්‍රපටය විය. ඇය සමඟ අනිල් කපූර් රඟපෑ මෙහි ගීත ඉතා ජනප්‍රිය විය. මගේ ප්‍රියතම ගායකයකු වන කුමාර් සානූ ගායනා කළ ගීයකී මේ.

මා මේ කෙල්ල දුටු විට මට පෙනෙන්නේ
පිපෙන රොස පොහොට්ටුවක් මෙනි
ල්කව්යකුගේ සිහිනයක් මෙනි
දිලිසෙන ආලෝක තරංගයක් මෙනි
අහිංසක මුවැත්තියක් මෙනි
සඳ එළිය මෙනි
මුදු වදනක් මෙනි
දෙවොලේ ඉටිපන්දමක් මෙනි

මා මේ කෙල්ල දුටු විට මට පෙනෙන්නේ
උදෑසන සුන්දරත්වය මෙනි
ශීත කාළයේ හිරු එළිය මෙනි
වීනාවේ මියුරු ස්වරයක් මෙනි
සියළු වර්ණයන්ගේ සුවඳ මෙනි
ඉස්තරම්ම වයින් මෙනි
සාගරේ රළ නඟනවා මෙනි

මා මේ කෙල්ල දුටු විට මට පෙනෙන්නේ
පාවෙන පිහාටුවක් මෙනි
සේද පටක් මෙනි
සුරඟන ස්වර මාධුර්යයක් මෙනි
සඳුන් ගින්දර මෙනි
සුන්දරම ආභරනයක් මෙනි
ප්‍රාණවත් මීඳුම මෙනි
සෙමෙන් සෙමෙන් මා මත්වනවා මෙනි
මා මේ කෙල්ල දුටු විට මට පෙනෙන්නේ

6 comments:

  1. mage aasama sinduwak . .. . giya satiyeth api me film eka baluwa. . tnx me sinduwa meana daapu eka nam . .

    ReplyDelete
  2. @ දුකා

    යූ ආ වෙල් කම්......!!!

    ReplyDelete
  3. කවුද දන්නෙ ඔයාට හින්දි පුළුවන් බව. මේ ලිපිය තව සති 2-3 කලින් දුන්නනම් අනිවා මේක මම ඉල්ල ගන්නවා. බයිස්කෝප් සයිට් එකට පෝස්ට් එක ලියද්දි මම ඕකත් දානවා :)

    මම පස් හය පාරකට වඩා බලපු චිත්‍රපටියක් තමා ඔය. සිංදු ඔක්කොම ටිකත් හොයලා බා ගත්තා. සිංදුව ඕනා අයට බාගන්නත් දුන්නනම් තමා හොඳ මචෝ :)

    ජය෴

    ReplyDelete
  4. @ රොයිලි ප්‍රනාන්දූ

    කොහොමෙයි ඒක කොරන්නෙ. මම තාම බඩ ගගා බොග දාන්නෙ මචං

    මට ක්‍රමේ කියල දියන් මම කොරන්නං

    කොමෙන්ටුවට බොහොම පින්.. මොකද උදවූ කරන් එවූන් හරි අඩුයි

    හින්දි දන්න කතාව පස්සේ කියන්නම්

    ReplyDelete
  5. යූ ටියුබ් ඩවුන්ලෝඩර් එකකින් පුලුවන්.. මම පාවිච්චි කරන්නේ Orbit Downloader කියන එක.. ඒක මරු.. එහෙම නැත්නම් මේ සයිට් එකෙන් පුලුවන්...


    http://www.downloadyoutubevideos.com/

    ReplyDelete
  6. @ වැම්පයර්

    බොහොම පින්.... මම බලන්නම් මහත්තයෝ

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails